කොටස් තැරැව්කරුවන් සහ කොටස් වෙළෙඳුන්ට එරෙහි පැමිණිළි

ගිවිසුමේ අඩංගු නියමයන් සහ කොන්දේසි කඩ කිරීමක්/උල්ලංඝන වීමක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා තැරැව්කාර සමාගම විසින් සපයනු ලබන ලියකියවිලි සහ ගිවිසුම් (සේවාදායක ගිවිසුම්, ආන්තික වෙ‍ෙළඳ ගිවිසුම් සහ වෙනත් නියමයන් හෝ කොන්දේසි ආදිය) කියවන ලෙස සේවාදායකයාගෙන් ඉල්ලා සිටී.

ගිවිසුමේ නියමයන් කඩකිරීමක්/උල්ලංගනය කිරීමක් හේතුවෙන් තමාට අලාභයක් සිදුවී ඇතැයි සේවාදායකයා විශ්වාස කරන්නේ නම් ඔහු එම කාරණය තැරැව්කරු/වෙළෙන්දා ආයතනයේ අනුකූලතා නිලධාරියා වෙත ලිඛිතව යොමු කළ යුතුය.
පැමිණිල්ල සතුටුදායක ලෙස ආමන්ත්‍රණය කර නොමැති නම් හෝ තැරැව්කාර සමාගම අනවශ්‍ය ලෙස දීර්ඝ කාලයක් පැමිණිල්ල යොමු කිරීම ප්‍රමාද කර ඇත්නම් සහ තැරැව්කාර සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සාමාජික රෙගුලාසි කඩ කරන බව පෙනී ගියහොත් පැමිණිල්ල කොළඹ කොටස් වෙළෙ වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතුය. එවැනි ලිඛිත පැමිණිල්ලක් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කරන ලද ‘පැමිණිලි පෝරමය’ පුරවා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යොමු කළ යුතුය.

කොළඹ කොටස් වෙළෙඳපොළ ලේකම් කාර්යාලය විසින් පැමිණිල්ල සමාලෝචනය කර ඇගයීමට ලක් කරනු ඇති අතර තීරණය මතභේදයට තුඩු දී ඇති පාර්ශ්ව වෙත දැනුම් දෙනු ලැබේ. ලේකම් කාර්යාලය විසින් ගනු ලබන තීරණය පිළිබඳව පාර්ශවය සෑහීමකට පත් නොවන්නේ නම්, එම පාර්ශවයට එම තීරණය සමාලෝචනය කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ හි ආරවුල් විසඳීමේ කමිටුව වෙත කාරණය යොමු කළ හැකිය.
ගැටළුව, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් නම්, එය ලිඛිතව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය. සියලුම ලියකියවිලි සහ කරුණු ලිඛිත පැමිණිල්ලට අමුණා තිබිය යුතුය.

Sinhala