නිතර අසනු ලබන ප්‍රශ්න

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව යනු කුමක්ද?

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවීම සහ ව්‍යවස්ථාව මුලින්ම හඳුන්වාදෙනු ලැබුවේ 1987 අංක 36 දරන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත මගින් වන අතර එය අවලංගු කර 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත මගින් ප්‍රතිස්ථාපනය කර ඇත. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ කාර්යභාරය කුමක්ද?

ප්‍රාග්ධන වෙළෙඳපොළ ආර්ථිකයක තීරණාත්මක කොටසකි, මන්ද එය ඵලදායී නිෂ්පාදන සඳහා අරමුදල් සොයන්නන්ට අවශ්‍ය අරමුදල් රැස්කර ගැනීමට උපකාරී වන බැවිනි. ප්‍රාග්ධන වෙළෙඳපොළක් තුළින් ව්‍යාපාරික ප්‍රජාව විසින් දිගුකාලීන අරමුදල් රැස් කරන අතර මහජනතාවට තම ඉතුරුම් ඉහළ ප්‍රතිලාභ සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව ලැබේ.

සාධාරණ, කාර්යක්‍ෂම, ක්‍රමවත් සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් සහතික කිරීම සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනය කිරීම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට පැවරී ඇත. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ගුණාත්මක හෙළිදරව් කිරීම් තහවුරු කරන, සාංගමික පාලනය වැඩිදියුණු කරන, වෙ‍ෙළඳපොළ අක්‍රමිකතා වළක්වන සහ වෙළෙඳපොළ සහභාගිවන්නන් සඳහා ආචාරධර්ම ප්‍රමිතීන් ප්‍රවර්ධනය කරන නියාමන රාමුවක් පවත්වාගෙන යයි.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් මොනවාද?


Sinhala