හැඳින්වීම

හැඳින්වීම

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවනු ලැබුවේ 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා (සංශෝධිත) පනත මගිනි. එම පනත දැන් අවලංගු කර 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත ලෙස ප්‍රතිස්ථාපනය කර ඇත.

දැක්ම

“To accomplish the position of a benchmark capital market regulator in the region”

මෙහෙයුම

"සාධාරණ, කාර්යක්ෂම, විධිමත් සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම"

පනතේ අරමුණු:

  1. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවීම
  2. සාධාරණ, විධිමත්, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සුරැකුම්පත් වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, නඩත්තු කිරීම සහ නියාමනය කිරීම
  3. දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ
  4. සුරැකුම්පත් වෙළෙඳපොළ සම්බන්ධයෙන් සේවා සැපයීමේදී ඉහළ වෘත්තීය ප්‍රමිතීන් පවත්වා ගැනීම සහතික කිරීම.
  5. to realize the full spectrum of the new SEC Act by 2026. .

කොමිෂන් සභාවේ බලතල, කාර්යය හා කර්තව්‍ය

  • සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය කිරීම පිළිබඳව ආණ්ඩුවට උපදෙස්දීම සහ සුරැකුම්පත් වෙළෙඳපොළ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තීන් සහ වැඩසටහන් ඵලදායීව ක්‍රියාත්මක කිරීමට සහායවීම
  • ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් වෙළෙඳපොළවල් සම්බන්ධයෙන් වන පර්යේෂණ හා පුහුණු කිරීම් ඇතුළුව ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත් වෙළෙඳපොළවල් සංවර්ධනය කිරීම දිරිමත් කිරීම සහ වෙළෙඳපොළවල් ප්‍රවර්ධනය කිරීම.
  • වෙළෙඳපොළ ආයතන, වෙළෙඳපොළ අතරමැදියන්, සහභාගිකයන්, තැන්පතුගාර සහභාගිකයන්, නිකුත් කරන්නන්, ආයෝජකයන්, හෝ පිළිගත් වෙළෙඳපොළ මෙහෙයුම්කරුවන් හෝ වෙනත් යම් තැනැත්තෙකු හෝ තැනැත්තන් වෙත කලින් කලට මේ පනතේ විධිවිදාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සාමාන්‍ය හෝ විශේෂ විධිවිධාන හෝ උපදෙස් ලබාදීම.
  • වෙළෙඳ ආයතනවල, වෙළෙඳපොළ අතරමැදියන්ගේ, සාමූහික ආයෝජන යෝජනා ක්‍රමවල හෝ ලැයිස්තුගත පොදු සමාගම්වල හෝ ලැයිස්තුගත පොදු සමාගම්වල අතිරේක සේවා සැපයුම්කරුවන්ට කලින් කලට සාමාන්‍ය හෝ විශේෂ විධාන හෝ උපදෙස් ලබාදීම.
  • වෙළෙඳපොළ ආයතනයක් ලෙස ක්‍රියාත්මකවීමට සංස්ථාවකට බලපත්‍රයක් ප්‍රදානය කිරිම සහ එය නිසි පරිදි කටයුතු කරන බවට වගබලා ගැනීම.
  • වෙළෙඳපොළ අතරමැදියෙකු ලෙස ක්‍රියාත්මකවීමට යම් තැනැත්තෙකුට බලපත්‍රයක් ප්‍රදානය කිීම එය නිසි පරිදි කටයුතු කරන බවට වගබලා ගැනීම.
  • ලියාපදිංචි තැනැත්තෙකු ලෙස, වෙළෙඳපොළ අතරමැදියෙකු සඳහා සහ එය වෙනුවෙන් සුරැකුම්පත් විකිණීමට හෝ මිලදී ගැනීමට සේවාදායකයන්ට උපදෙස් ලබා දෙන්නා වූ තැනැත්තෙක් ලියාපදිංචි කිරීම සහ ඔවුන්ගේ කාර්යය ඉටු කිරීමේදී ඔවුන් කටයුතු කරන ආකාරය නියාමනය කිරීම.
  • යම් තැැත්තෙකු වෙළෙඳපොළ මෙහෙයුම්කරුවෙකු ලෙස ලියාපදිංචි කිරීම.
  • ලයිස්තුගත පොදු සමාගම්වලට හෝ ලයිස්තුගත විදේශීය ආස්ථීත්‍යයන්ට කලින් කලට සාමාන්‍ය හෝ විශේෂ විධි විධාන නිකුත් කිරීම
  • අත්කර ගන්නෙකුට, අර්පණදායීයකුට හෝ අර්පණදායීයකු හෝ අර්පණලාභියකු හා එක්ව ක්‍රියා කිරීමට සම්මුතියකට එලැඹී ක්‍රියාකරනු ලබන තැනැත්තන්ට හෝ ලැයිස්තුගත පොදු සමාගමක් අත්කර ගැනීමට හෝ ඒකාබද්ධවීමකට අදාළ වන්නා වූ ඉලක්ක සමාගමකට සාමාන්‍ය හෝ විශේෂ විධාන නිකුත් කිරීම.
  • මේ පනත, නියෝග හෝ රීතිවල ආසන්න කඩවීම් වැලැක්වීමට සහ කඩවීම් මැඩපැවැත්වීමට යම් තැනැත්තෙකුට විශේෂ විධාන නිකුත් කිරීම.
  • විනිමය ස්තානයකදී සුරැකුම්පත් ලියිස්තුගත කිරීම සහ වෙළෙොම් කිරීම නියාමනය කිරීම
  • සුරැකුම්පත් නිකුත් කිරීම නියාමනය කිරීම.
  • යම් සුරැකුම්පත් ලයිස්තුගත කිරීම තහනම් කිරීම හෝ අත්හිටුවීම හෝ ලයිස්තුගත කළ සුරැකුම්පත් අපලේඛණගත කිරීම හෝ සුරැකුම්පත් වෙළෙොම් කිරීම තහනම් කිරීම හෝ අත්හිටුවීම හෝ ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා හෝ සාධාරණ හා විධිමත් සුරැකුම්පත් වෙළෙඳපොළක් සහතික කිරීම සඳහා හෝ සුරැකුම්පත් වෙළෙඳපොළේ විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා කොමිෂන් සභාව විසින් අවශ්‍ය යැයි හෝ යෝග්‍ය යැයි සළකනු ලබන යම් පියවර ගැනීම
  • කොමිෂන් සභාවේ පර්මාර්ථ සහ කර්තව්‍ය ඉටු කිරීමේ කාර්ය සඳහා කොමිෂන් සබාව විසින් අවශ්‍ය යැයි සළකනු ලබන පරිදි යම් නිළධරයන් සහ සේවකයන් සේවයේ නියුක්ත කරවීම සහ එම නිළධරයන්ගේ සහ සේවකයන්ගේ වැටුප් සහ වේතන හෝ අනෙකුත් පාරිශ්‍රමික සහ ප්‍රතිලාභ තීරණය කිරීම.
  • යම් නිශ්චල හෝ චංචල දේපොළක් කවර හෝ ආකාරයකින් අත්කර ගැනීම සහ දැරීම, බද්දට හෝ කුලියට ගැනීම හෝ දීම, උක් කිරීම, ඔඩපනය කිරීම, විකිණීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම.
  • ලයිස්තුගත පොදු සමාගමක් අත්කර ගැනීම හෝ ඒකාබද්ධ කිරීම හෝ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු නියාමනය කිරීම.
  • වෙළෙඳපොළ ආයතනයක, වෙළෙඳපොළ අතරමැදියෙකුගේ, ලැයිස්තුගත පොදු සමාගමක හෝ ලැයිස්තුගත විදේශීය ආස්ථිත්‍යයක යම් කටයුත්තක් පිළිබඳව විභාග කිරීම සහ විමර්ශන පැවැත්වීම.
  • යම් තැනැත්තෙකු විසින් කරන ලදැයි කියනු ලබන මෙ පනතේ විධිවිධාන හෝ ඒ යටතේ සාධන ලද යම් නියෝගයක් හෝ යම් රීතියක් හෝ විධානයක් හෝ ලබා දෙන ලද යම් උපදෙසක් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සහ කොමිෂන් සභාව විසින් අවශ්‍ය යැයි සළකනු ලබන පරිදි මේ පනත යටවෙිධිවිධාන සළස්වා ඇති බලාත්මක කිරීමේ පියවර ගැනීම.
  • මේ පනතේ විෂය පථය තුළට ගැනෙන්නා වූ යම් කාරණාවකට අදාළව යම් සංවිධානයක් හෝ විදේශීය නියාමන අධිකාරියක් සමඟ ගිවිසුම්වලට හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම.
  • යම් වෙළෙඳපොළ ආයතනයක්, වෙළෙඳපොළ අතරමැදියෙකු හෝ ලියාපදිංචි තැනැත්තෙකු, අතිරේක සේවා සපයන්නෙකු, යම් ලැයිස්තුගත පොදු සමාගමක් හෝ යම් ලැයිස්තුගත විදේශීය ආස්ථීත්‍යයක් විසින් සිදුකරන ලද නීති විරෝධී චර්යා පිළිබඳ තීරණ ප්‍රකාශයට පත් කිරීම.
  • සුරැකුම්පත් ගණුදෙනු පිළිබඳව ආවේක්ෂණ සිදු කිරීම.
  • කොමිෂන් සභාව විසින් ලබාදෙන ලද යම් සේවාවන් සඳහා ගාස්තු හෝ අයකිරීම් අයකර ගැනීම.
  • මූල්‍ය පද්ධතියට ඇති සංස්ථානික අවදානම අවම කිරීම සඳහා කොමිෂන් සභාව විසින් අවශ්‍ය යැයි සළකනු ලැබිය හැකි පරිදි යම් පියවර ගැනීම.
  • සුරැකුම්පත්වලට දායකවීම සඳහා මහජනයාට අර්පණයක් සිදු කර ඇති සමාගම්වලට විශේෂ හෝ සාමාන්‍ය විධාන ලබාදීම.
  • ඇතැමි මහජන අර්පණ හෝ නිකුත් කිරීම් මේ පනතේ විධිවිධානවලින් නිදහස් කිරීම.
  • මේ පනතේ කාර්යය සඳහා කොමිෂන් සභාව විසින් යෝග්‍ය යැයි සළකනු ලබන විශේෂඥයන් පත් කිරීම.
  • මේ පනත යටතේ වන කොමිෂන් සභාවේ පරමාර්ථ, කාර්යය සහ කර්තව්‍යය ඉටු කිරීමට අවශ්‍ය යැයි, ආනුසංගික සහ උපසේවී යැයි සලකනු ලැබිය හැකි වෙනත් සියළු ක්‍රියා සිදුකිරීම.


Sinhala