Members Of The Commission

කොමිෂන් සභා සාමාජිකයන්

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විධායක නොවන සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත වන අතර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ලේකම් කාර්යාලයක් හරහා ක්‍රියාත්මක වේ. විධායක නොවන සාමාජිකයින් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ප්‍රතිපත්ති සම්පාදන අංශය වේ. නීතිමය, මූල්‍ය, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව, බැංකුකරණය, හෝ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඔවුන් සතු පුළුල් අත්දැකීම් සහ පුළුල් දැනුම සැළකිල්ලට ගනිමින් යටත් පිරිසෙයින් තැනැත්තන් පස් දෙනෙකු පෞද්ගලික අංශය නියෝජනය කරන තැනැත්තන්ද සහිත හය දෙනෙකුගෙන් යුත් සාමාජිකයන් අමාත්‍යවරයා විසින් කොමිෂන් සභාවට පත් කරනු ලැබේ. කොමිෂන් සභාව නියෝජනය කරන නම් කළ සාමාජිකයින් දෙනෛකි. භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් නම් කරන ලද භණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු සහ ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය විසින් නම් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයෙක් ඊට ඇතුළත් වේ. කොමිෂන් සභාවට නිළ බලයෙන් පත්වන සාමාජිකයින් ද දෙනෛකි. එනම්, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පත් කරන ලද සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ 1959 අංක 23 දරන වරලත් ගණකාධිකාරීන්ගේ පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිවරයා වේ. අමාත්‍යවරයා විසින් කොමිසමේ සාමාජිකයින් අතරින් එක් සාමාජිකයෙකු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නම් කරයි. පත් කරන ලද සාමාජිකයන් වසර තුනක කාලයක් සඳහා නිලතල දරන අතර නැවත පත්වීම් සඳහා සුදුසුකම් ලබයි.

 

PAST COMMISSION MEMBERS

Appointed Members

  • Mr. Ranel T. Wijesinha (Chairman)
  • Mr. D.N.R. Siriwardena
  • Mr. S.R. Attygalle
  • Mr. Jayantha Fernando
  • Mr. Manjula Hiranya De Silva
  • Mr. Rajeev Amarasuriya
  • Mr. Jagath Perera
  • Mr. Arjuna Herath
  • Mr. Deshal De Mel
si_LKSinhala